ආසියානු පාපන්දු සභාපතිගෙන් ශ්‍රී ලංකාවට නවීන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක්
ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර සාකච්ඡාවක් ඊයේ (03) දින ශ්‍රැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය. මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් ද සහභාගි විය.
ආසියානු සභාපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් ඔහු දිවයිනට පැමිණි මොහොත ආවරණය කරද්දීම එය ශ්‍රී ලංකාවේ පාපන්දු කේෂ්ත්‍රෙය් නව පරිච්ඡේදයක් ලෙස හැඳින්වීය.එහි ප්‍රතිපල ක්‍රීඩා අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී දැක ගන්නට ලැබුණු අතර ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර්ගේ ද මැදිහත්වීම ඇතුව ආසියානු සභාපතිවරයා ප්‍රකාශ කළේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට කටයුතු කරන බවය. ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණි.
බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති කලීෆා මහතා මෙහිදී පැවසුවේය.ඒ අනුව ක්‍රීඩාව ද වඩා හොඳ තලයකට පැමිණෙන බව තමන්ට විශ්වාස බව ඔහු සඳහන් කළේය.
SOURCE: NMR (Journalist)
Social Plugin