ජනනිට මුල් අටට එන්නට නොහැකි වෙයි.
පැරිස් පැරා ඔල්ම්පික් උළෙලේ ටී 47 කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ ජනනි ධනංජනාට අවසන් අට දෙනා අතරට ඒමට හැකි වුණේ නැහැ.තරගයට ඉදිරිපත් වූ 11 දෙනෙක් අතරින් අයට හිමි වුනේ නව වන තැනයි.ඇයගේ ඉහළ දක්ෂතා සඳහා පිවිසීමට නොහැකි වූ ප්‍රධානතම හේතුව වූයේ තරගයේ මුල් පිමි දෙක නො’නිල පිමි ලෙස සටහන් විමයි.මෙවැනි අවස්ථාවක ඇයගේ සිරුරේ හැසිරීම මෙන්ම මනසේ හැසිරීම ගැන ද අත්දැකීම් ඇති පෞද්ගලික පුහුණුකරුවා සිටියේනම් වැදගත්.එහෙත් ජනනිට මේ සංචාරයට පෞද්ගලික පුහුණුකරුවන් තීරණය කිරීමේ දී සිය පුහුණුකරුවා රැඟෙන යන්නට අවස්ථාවක් හිමි වුණේ නැහැ.
මූල්‍යමය කාරණා මත එසේ සිඳුවන්නට හැකි නමුත්,ක්‍රීඩා අමාත්‍යංශය පැරිස් ඔලිම්පික් උළෙල සදහා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට අවස්ථාව ලබා දුන්නා සේ මෙහිදී ද අවස්ථාව ලබා දුන්නේ නම් ජනනි ධනංජනාගේ අනාගත වටිනාකම තව තවත් ඉදිරියට යාමට තිබුණු බව අපේ හැඟීමයි.
SOURCE: NMR (Journalist)
Social Plugin