ලාංකේය පිතිකරුවන් තිදෙනෙක් ශතක වාර්තා කරයි

 


ලාංකේය පිතිකරුවන් තිදෙනෙක් ශතක වාර්තා කරයි

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ප්‍රබල තත්ත්වයක පසුවෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් තිදෙනෙකුම ශතක වාර්තා කිරීම කැපී පෙනුණා.එම දායකත්වයත් සමඟින්, ශ්‍රී ලංකා ඉණිම කඩුලු 5 ට ලකුණු 602 ක් ව තිබියදී නිමා වුණා.එම ලකුණු පූවරුවට ජයග්‍රාහී බලාපොරොත්තු එකතු කරමින් දිනය නිමාවන විට නවසීලන්තයේ ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.

කමිඳු මෙණ්ඩිස් කණ්ඩායමේ විශ්වසනීයත්වය තව දුරටත් තහවුරු කරමින් කමිඳු මෙණ්ඩිස් නොදැවී ලකුණු 182 ක් රැස් කරන්නට සමත් වුණා.කුසල් මෙණ්ඩිස් පිතිකරු ලැයිස්තුවේ නව ස්ථානය තහවුරු කර ගනිමින් යළිත් ලකුණු අතරට එමින් නොදැවී ලකුණු 106 ක් රැස් කරන්නට සමත් වුණා.පළමු දිනයේම දිනේෂ් චන්දිමාල් ලකුණු 116 රැස් කළ අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 88 ත් ශතක තරමට වටිනා එකක්  වුණා.

නවසීලන්තය වෙනුවෙන් ගේන් පිලිප්ස් ලකුණු 141 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟයි.

:https://www.espncricinfo.com/series/sri-lanka-vs-new-zealand-2024-1447091/sri-lanka-vs-new-zealand-2nd-test-1447097/live-cricket-score

SOURCE: NMR (Journalist)