තරග දෙකකට පසුව මිලාන් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ගොන්නේ 73 වන තැනට

 


තරග දෙකකට පසුව මිලාන් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ගොන්නේ 73 වන තැනට

මෙවර එංගලන්ත සංචාරයේ දී ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නායක ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 73 වන දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.මද වේග පන්දු යවන්නෙක් ලෙස කැඳවීම් ලද මිලාන්,පන්දුවටත් වඩා මේ තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වීම කැපී පෙනෙනවා.මංගල ටෙස්ට් ඉණිමේදීම අර්ධ ශතකයක් ලැබූ මිලාන් රත්නායක මේ වන විට ටෙස්ට් ලකුණු 144 ක් සහ ටෙස්ට් කඩුලු 6 ක් ලබා ගෙන සිටිනවා.


ශ්‍රේණිගත කිරීම්වලදී ඉදිරිපත් කර ඇති සියලු දත්ත මේ සමඟ දැක්වෙන අතර කෙසේ නමුත් මිලාන් ඉදිරියේ දී පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට ලබා දෙන සහයෝගය නොකඩවා රඳවා ගැනීම කෙරෙහි මෙන්ම,පන්දු යවන්නෙක් ලෙස වැඩි දස්කම් කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතු වෙනවා.

SOURCE: NMR (Journalist)