ජගත් පාපන්දුවේ 200 වන තැනට ශ්‍රී ලංකාවට උසස්වීමක්
ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ 205 වන ස්ථානයේ සෑහෙන කාලයක් සිර වී සිටි ශ්‍රී ලංකාව යාන්තමින් ඉන් ගැලවී 200 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ශ්‍රී ලංකාව 2023 වසරේ නොවැම්බර් මාස 23 වන දින 204 වන ස්ථානයට පැමිණි පසු,2024 ජූනි මස දී 205 ස්ථානයට පත් වුණා.2023 අප්‍රේල් මස 207 වන තැනය පත් වූ පසු 200 වන තැනට පැමිණෙන තෙක්ම ශ්‍රී ලංකාව සිටියේ 200 වන තැනින් පහළයි.ඔවුන් අවස්ථා දෙකක ශ්‍රේණිගත කිරීම්වලදී 202 වන තැනට පැමිණිය ද 200 වන තැනට පැමිණියේ විශාල කාලයකට පසුවයි.
මේ තත්ත්වයට දේශපාලනික වශයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන රොෂාන් රණසිංහගේ දේශාපාලන ප්‍රවේශය නිසා තහනම් වූ ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට දේශපාලන වශයෙන් ඇති වූ ගැටළු මෙන්ම පරිපාලනයේ සහ ක්‍රීඩා රටාවේ දුර්වලකම් ද,ජාත්‍යන්තර වශයෙන් තරග අවස්ථා අඩු වීමේ ගැටළුවද බලපානවා.
මෙම මස කාම්බෝජයට එරෙහිව ශ්‍රී ලංකාව තරගයක් ජය ගැනීම නිසා මෙන්ම තරගයක් ජය පරාජයෙන් තොර කර ගැනීම නිසා ද නව ශ්‍රේණිගත කිරීම දක්වා උසස් වී තිබෙනවා.ශ්‍රී ලංකාවට පරාජය වූ කාම්බෝජය ජගත් ශ්‍රේණිගත කිරීම් හී 180 වන තැන සිටින කණ්ඩායමක් වන අතර නව ශ්‍රේණිගත කිරීම් හී දී ඔවුන්ට ගැටළුවක් වී නැති අතර 180 වන ස්තානය ආරක්ෂා වී තිබෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin